බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවෝ 925ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 40 දෙනකු, වරෙන්තුකරුවන් 306 දෙනකු, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 518 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. පෙරේදා (11) උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදු කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසුවේ ඉදිරි දින කිහිපය තුළ විශේෂ සෝදිසි මෙහෙයුම් රැසක් රට පුරා ක්‍රියාත්මක කෙරෙන බවයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment