රුසියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක්

රුසියාවේ පීටර්ස්බර්ග් හි ඓතිහාසික කර්මාන්ත ශාලාවක ඇති වූ දැවැන්ත ගින්නකින් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. රතු ගඩොලින් නිර්මාණය කර ඇති නෙව්ස්කායා මනුෆක්තුරා ගොඩනැගිල්ලේ මහල් කිහිපයක ගින්න හටගෙන ඇති බව එරට ආපදා අමාත්‍යාංශය පවසයි. මෙම කර්මාන්ත ශාලාව ජනසතු කොට 1992 දී එය පුද්ගලීකරණය වන තෙක් රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. පුද්ගලයින් 40 දෙනෙකු ඉවත් කර ඇත. එමෙන්ම ගිනි නිවන භටයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් අයෙකු සමග සම්බන්ධතා නැති වී තිබේ.

Related posts

Leave a Comment