සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද පූර්වභාග 02.33ට උදා වුණි.

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග අලුත් අවුරුද්ද උදාවීම සිදුවෙයි.

ඊයේ රාත්‍රී 08.09ට පුණ්‍ය කාලය ආරම්භ වූ අතර ඊට ප්‍රථම සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

ආහාර පිසීමේ නැකත පූර්වභාග 06.17ට යෙදී තිබූ අතර ළාකොළ පැහැති වස්ත්‍රාභරයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එළකිරි මිශ්‍ර බතක් ද, මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකැත් චාරිත්‍රය තවත් සුළු මොහොතකින් උදා වේ.

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීම  පූර්වභාග 07.41 ට යෙදී තිබෙනවා.

ලාකොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනැවැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

මේ අතර හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්වභාග 07.16ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ මිශ්‍ර නානු ගා හිස තෙල් ගා ස්නානය මැනවැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් මස 19 වනදින සඳුදා පූර්වභාග 06.39 ට යෙදී තිබේ.

Related posts

Leave a Comment