අලුත් අවුරුදු අනතුරු වලින් 10ක් මරුට

අලුත් අවුරුදු දිනයේ සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අලුත් අවුරුදු දිනයේ අනතුරු 121ක් සිදුවී ඇති බවයි.

ඉන් 12ක් අධිවේගී මාර්ගයේ පමණක් සිදු වූ රිය අනතුර බවද පැවසූ ඔහු ඒවායෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයි ද කියා සිටියේය.

Related posts

Leave a Comment