ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,380ක් ඉක්මවයි

අද (15දා) ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 138,021,474ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අලුයම වාර්තා කර ඇත. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,971,130ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසන්නේ වෛරසය ආසාදනය වූවන් 78,620,000කට වැඩි පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවයි.

Related posts

Leave a Comment