ඇමති පියල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට විවාහ සංවත්සරය සමරයි

කොග්ගල පිහිටි හෝටලයක ස්ථාපන කර ඇති මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍යය පියල් නිශාන්ත මහතා ඊයේ දින සිය විවාහ සංවත්සරය එම මධ්‍යස්ථානයේ සිට සමරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන තබා තිබුණා. එය පහතින්…

“ජීවිතය යනු එකිනෙකට වෙනස් වූ අභියෝගයන්ට මුහුණ දෙමින් ඉදිරියටම යා යුතු අපූරු චාරිකාවකි. මේ මොහොත මා ඇතුළු පවුලේ සැමට අතිශය තීරණාත්මක අභියෝගාත්මක මොහොතකි. එහෙත් අපි ඊට සාර්ථකව මුහුණ දෙමින් සිටිමු. ආපසු හැරී බැලූවිට අතීතය ද අද සේම දහසකුත් අභියෝග වලින් පිරී පැවති බව මට සිහිවේ. ඒ සියල්ල ජය ගැනීමට අද මෙන්ම එදාත් මා සමඟ වූයේ ඇයයි. ඉතින් අද අප දෙදෙනාගේ විවාහ සංවත්සරයයි. සැමරුමකට කාලයක් නොවුණත් මා දයාබර පුතුගේ සහ දියණියගේ ද විවාහ සංවත්සරය අදට යෙදි තිබුනෙන් අප මෙසේ අතීතයේ මතක අතර පිවිසියෙමු.

සැබවින්ම කිසිඳු අභියෝගයක් හමුවේ අප පලා යායුතු නොවේ. කෝවිඩ් වසංගතයට ද අප සාර්ථකව මුහුණදිය යුතුමය. හැකිතාක් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම මෙන්ම වෛරසය ආසාදනය වුවහොත් සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දැක්වීමත් නොපිරිහෙලා සිදුකල යුත්තකි. එසේවුවත් වෛරසයකට අප සතු පරම ධනය වූ ආදරය සෙනෙහස සතුට සොම්නස උදුරා ගැනීමට ඉඩ නොතබමු. ජීවිතය යනු අභියෝගවලින් පිරි මාවතක් බව සැබෑය. එහෙත් සතුට සොම්නස පිරුණු නැවතුම් ද එහි තිබේ.”

Related posts

Leave a Comment