ඩෙන්මාර්කය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හරියි

ඊයේ (14) දා ඩෙන්මාර්කයේ සෞඛ්‍ය අධිකාරිය නිල වශයෙන් නිවේදනය කලේ තමන් තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත භාවිත නොකරන බවයි. දුර්ලභ නමුත් බරපතළ අතුරු ආබාධ ඇති බවට සැකකිරීම හේතුවෙන් මෙම එන්නත් මාත්‍රා අත්හැර දැමූ පළමු වැනි යුරෝපීය රට බවට ඩෙන්මාර්කය මේ සමග පත්විය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත නොමැතිව කොවිඩ්-19 වෛරසයට එරෙහිව අනෙකුත් එන්නත ලබාදීමට ඩෙන්මාර්ක සෞඛ්‍ය අධිකාරිය තීරණය කර තිබේ. රුධිර කැටි ගැසීම් වාර්තා වීමෙන් පසු මාර්තු මාසයේදී එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවූ යුරෝපයේ පළමු රටවල් කිහිපය අතරද ඩෙන්මාර්කය සිටියේය.

Related posts

Leave a Comment