Mrs. World Inc. වෙතින් මෙරටට විශේෂ නිවේදනයක් !

පසුගියදා මෙරට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රජින තරගයේදී ඇති වූ සිදුවීම පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි එම තරගයේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් තමන් පූර්ණ දැනුවත් වීමකින් පසු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

නෙළුම් පොකුණ රඟහලේ දී පසුගිය 4 වැනිදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී පිෂුප්කාද සිල්වා ගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා දෙවන තැන දිනු කාන්තාවට පැළඳවීමට කැරොලයින් ජූරි කටයුතු කළේය.

එය දෙස් විදෙස් මාධ්‍ වලය විශේෂ පුවතක් සේ පළ විය.

කෙසේ වෙතත් පසුව මෙරට සංවිධායකයන් විසින් නැවතත් එම කිරුළ පුෂ්පිකා ද සිල්වා වෙත ලබා දීමට කටයුතු කරනු ලදී.

Related posts

Leave a Comment