අයියා පණගැන් වූ යතුරුපැදියට යටවී අවුරුදු එකහමාරක් වයසැති නංගි මියයයි

යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේ නිවසක ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි අවුරුදු එකහමාරක් වයසැති දියණියක් මතින් යතුරුපැදියක් ධාවනය වීම හේතුවෙන් බරතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ඊයේ (14) දින දියණිය මිය ගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

මට්ටුවිල් ප්‍රදේශයේ තූක්කයිම්මාන් හින්දු කෝවිල අසල පිහිටි නවසක ගෙමිදුලේ අවුරුදු එකහමාරක් වයසැති දියණියක් සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී ආසන්නයේ නවතා තිබූ යතුරුපැදියක් අවුරුදු 10 ක් වයසැති අයියා විසින් පණගන්වා ඇති අතර එහිදී එකවරම යතුරුපැදිය සෙල්ලම් කරමින් සිටි දියණිය යටකරගෙන ඇඟමතින් ධාවනය වී ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

එහිදී යතුරුපැදිය ඇඟමතින් යාම හේතුවෙන් බරපතල තුවාල ලැබූ දියණිය හා යතුරුපැදිය පෙරලීමෙන් සුලු තුවාල ලැබූ අයියා චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව නංගි මිය ගොස් ඇති බවටද පොලීසිය පැවසීය.

මෙම අනතුර නිවැසියන්ගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් සිදුව ඇති බවටත් පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

Leave a Comment