රන්ජන් රාමනායක මහතාට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව, ව්‍යවස්ථානුකූලව හා විද්‍යාත්මකව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව රන්ජන් රාමනායක මහතා බැලීමට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට පෙරේදා (13) පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතා මානව හිතවාදියකු බවත් ඔහු රටට සම්පතක් බවත් මේ රටට ජනතාවට ඉමහත් සේවාවක් නන් අයුරින් ඉටු කළ යුග පුරුෂයකු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.