දෙමළ ජනතාව අතහැර දමා යන මේ ගමන ඉතාම භයානකයි

රජය මේ අවස්ථාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිමට මැදිහත් නොවූවත් ඉදිරියේදී රජයට එය අනිවාර්යෙන්ම ඉටු කිරීමට සිදුවන නිසා දෙමළ ජනතාව කිසිම කාරණයකදී බලාපොරොත්තු සුන් කර නොගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා පෙරේදා (14) පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජනමාධ්‍යවේදීන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කිරීමට සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් සම්පන්දන් මන්ත්‍රීවරයා කියා සිටියේ රජය මේ රටේ දෙමළ ජනතාව අතහැර දමා යන මේ ගමන ඉතාම භයානක ගමනක් බවයි.

‘රජය අපේ ජනතාව ගැන කිසීම තැකීමක් නැහැ.මේ ප්‍රශ්නවලට දේශපාලන විසදුමක් දෙන්න අවශ්‍යයයි.මේ ගැන ලෝකයේ රටවල් ගණනාවක්ම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. දැන් දැන් ඒ සඳහා කෙරෙන බලපෑම්ද වැඩි වී තිබෙනවා. ඒ නිසා අනාගතයේදී රජයට මේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගැනීමට සිදුවෙනවා.

සැබෑ ප්‍රතිසන්ධානයකින් මේ ප්‍රශ්නය දේශපාලනිකව විසඳිය යුතු වෙනවා.අපි දේශපාලනික විසඳුමක් ඉල්ලා සිටින්නේ ඉතාම සාධාරණ විකල්ප ක්‍රියා මාර්ග ඉදිරිපත් කරමිනුයි. මේක රජය තේරුම් ගත යුතු වෙනවා.

සම්මුතිවාදී රටක උත්තරීතර වශයෙන් බලය බෙදා හදා ගැනීමට ක්‍රමයකුයි මේ සියලු දෙනා ඉල්ලා සිටින්නේ.මෙතැනදී දෙමළ ජනතාවට ස්ව‍යං තීරණ ගත හැකි ක්‍රමයක් අවශ්‍ය වෙනවා.සදාකල්හිම මේ ප්‍රශ්නය ඇදී යාම වෙනුවට මේ වාරයේදී හෝ ඊට යම් විකල්ප ක්‍රියා මාර්ගයක් අනුගමනය වෙනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තුවෙන් සිටින නිසාත් ඊට සෑම උත්සාහයක්ම පක්ෂය විසින් ගන්නා නිසාත් දෙමළ ජනතාව ඊට කලබල විය යුතු වන්නේ නැතැයිද කීය.

Related posts

Leave a Comment