මේ රට චීන කොලනියක් කරන්න ඉඩ තියන්නේ නැහැ – 15 වන නඩුවත් දැම්මා

ශ්‍රී ලංකාව චීන කොලනියක් කිරීමට ඉඩ නොදෙන බවත් බස්නාහිර පළාතේ සිතියම පවා වෙනස් වන මේ කාර්යයට එරෙහිව 15 වන නඩුවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (15) පැවැසූහ.

ආණ්ඩුව පෙරළන්න මේ දෙවල් සිදු නොකළ බව පෙන්වා දෙන උන්වහන්සේ රට ආරක්ෂා කිරීමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම් රට රකින ජනහඩ වෙහෙසී ගෙනා ආණ්ඩුව සිදු කරන මේ දේවල් නවතා දමා සාකච්ඡා කළ යුතු බවත් පෙන්වා දුන්හ.

රට රකින ජනහඩ සංවිධානය දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පාගමනින් නොයෙක් කටයුතු කරමින් මේ රජය බලයට පත් කරන්න වෙහෙසී කටයුතු කළ බවද අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඊයේ (15) පැවැසූහ.

Related posts

Leave a Comment