අලුත් අවුරුදු රුක් රෝපණ නැකැත අදයි

අදට (16) යෙදෙන පැළ සිටුවීමේ නැකැතට රෝපණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාට සුදු සඳුන් පැළයක්, කාල්ටන් නිවෙසේදී ඊයේ (15) ප්‍රදානය කරන ලදි. මේ දුර්ලභ නැකතට පැළ සිටුවීමට පරිසර අමාත්‍යාංශය ‘නැකතට පැළයක්’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර, එහි ප්‍රධාන රුක්රෝපණය පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාගේ අඟුණකොළපැලැස්සේ නිවෙස පරිශ්‍රයේදී අද (16) පෙරවරු 6.40ට සිදු කෙරේ. මෙයට සමගාමීව අද (16) පෙරවරු 6.40ට යෙදෙන නැකතට කොළඹදී පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ද, මහියංගණය, ත්‍රිකුණාමලය, තංගල්ල ප්‍රදේශයන්හිදි පරිසර අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්ද රුක් රෝපණය කිරීමේ වැඩසටහන් පැවැත්වෙනු ඇත. ‘නැකතට පැළයක්‘ පැළ රෝපණය කිරීමේ වැඩසටහන මඟින් අපේ රටේ පවුල් මිලියන 5.2ක සංඛ්‍යාවෙන් අවම වශයෙන් මිලියන 03ක් හෝ 04ක් පැළයක් රෝපණය කිරීමට යොමු කිරීමත් ඒ අපේ රටේ වනගහනය ඉහළ නැංවීමත් තම අරමුණ බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment