ඔබගේ සිරුරේ පිටුපස එල්ලෙන මස්පිඩු ඉවත්කර ගැනීමට ක්‍රම 10ක්

අපි කාටත් රහසක් නෙමෙනේ රාත්‍රියට නිදා ගැනීමට පෙර ආහාර ගැනීම හොද නෑ කියන එක. මේ නිසා බොහෝ නරක දේවල් ඇති වෙනවා.අධික බරක් ශරීරයට ලැබීම, නොසන්සුන් නින්දක්ද අත් විදීමට සිදුවීම වගේ දේවල් මින් කිහිපයක්. ඉතින් මෙන්න මේ නිසා ඔබව අවලස්සන කරන මස් පිඩු ඔබේ සිරුරට ලැබෙනවා. මේක අපි බොහෝ දෙනා කනස්සල්ලට පත් කරන දෙයක්. ඉතින් ඔබව මේ කරදරෙන් බේරා ගැනීමට සරල ක්‍රම කිහිපයක් තමා අද අපි ඔබට රැගෙන ආවේ. කියවලම බලන්නකෝ මේක ඔබට බොහෝ වැදගත් ලිපියක් වේවි.

01.  උදෑසන ආහාරය සඳහා බිත්තර ආහාරයට ගන්න.

උදෑසන බිත්තරයක් ආහාරයට ගැනීම තුලින් ඔබට බොහෝ ආහාර ආහාරයට ගැනීම වළක්වා ගන්න පුළුවන්. මීට හේතුව මේවා බොහෝ ඉක්මනට ඔබේ උදරය පිර වීම. ඔබ සමහර විට නොදැන ඉන්න ඇති ධාන්‍ය හෝ පාන් මෙන් දෙගුණයකින් උදරය පිරවීමට මීට හැකියාවක් තිබෙනවා. දිවා ආහාරයේදී සහ ඉදිරි පැය 24 තුළ කුසගින්න සහ කැලරි පරිභෝජනය පිළිබඳ අවධානය අවම කිරීමට මීට හැකියාව තිබෙනවා.  

02. සිත් ඇදගන්නා සුළු කෑම වර්ග මිලදී නොගන්න.

රාත්‍රිය වන විට ඔබට ඔබ ගැනම ග්‍රහණයක් නැති වීමට පටන් ගන්නවා ඔබ ප්‍රියතම ආහාර ඔබ සතුව තිබුනාම. ඒ නිසා ඔබ ප්‍රියතම ආහාර මිලදී ගැනීමෙන් ඔබ වැලකිය යුතුයි. මෙය ඔබව අමතර ආහාර ලබාගැනීමෙන් නවත්වනවා. 

03. වැඩකට නැති ආහාර ලබා ගැනීමෙන් වළකින්න.

බැදපු දේවල්, ක්ෂණික ආහාර, පැණිරස සෝඩා, කේක්, මේද සෝස් සහ ඇල්කොහොල් වැනි වෙනත් පෝෂදායි නොවන ආහාර  නම් ඔබේ ශීතකරණ‍යෙන් ඉවත් කල යුතුමයි. පෝෂදයි කැලරි අඩංගු ආහාර ආහාරයට ගැනීමට සැමවිටම උත්සහ කරන්න අමතක කරන්න එපා. 

04. ලුණු ප්‍රමාණයෙන් අඩක් ආහාර වලට එකතු කරන්න.

සාගින්න පිළිබඳ ඇතිවන හැඟීම තීව්‍ර කරන්න පුළුවන් දෙයක් තමා ලුණු සහ වෙනත් කුළුබඩු කියල කියන්නේ. ඔබට ලුණු වෙනුවට ළූණු, සුදුළූණු සහ ඖෂධ පැළෑටි සමඟ කුළුබඩුවක් එකතු කිරීම හරහා ආහාරවල ස්වාභාවික රසය උද්දීපනය කර ගත හැකී. 

05. බ්රොකොලි එකතු කරන්න.

ඔබට වැඩි කාලයක් කුස ගින්න ඇති වීම වෙන් නෑ ඔබේ ආහාර වේලෙහි සලාදයට බ්‍රොකෝලි එකතු කිරීම හරහා. 

06. ක්‍රීඩා කරන්න.

 කැලරි දහනය වනවා පමණක් නොව ආහාර රුචිය ද මර්දනය කිරීම සිදු වෙනවා අධික තීව්‍රතාවයෙන් යුත් ව්‍යායාම කිරීම මගින්. ඒ විතරක්ද ඔබේ ආතතිය සමනය කිරීමටද මෙය ඔබට බොහෝ සහාය වෙනවා. 

07.ශරීරය සිසිල්ව තබා ගන්න.

රාත්‍රීයේ ඇතිවන කුසගින්නෙන් මිදීමට හැකි දෙයක් තමා කාමරයේ උෂ්ණත්වය අඩු කර තැබීම. කැලරි ප්‍රමාණයක් දහනය කිරීම සිදු වෙනවා 17-18 (C (63-63 ° F) උෂ්ණත්වයකදී.

08. ඛනිජ ජලය පානය කරන්න.

ඔබට ආහාර රුචිය අවම කර ගත හැකි දෙයක් තමා  ඛනිජ ජලය වීදුරුවක් පානය කිරීම.  යෝගට් වෙනුවට ඔබට මෙය ලබා ගත හැකී. 

09. දත් මදින්න.

දත් බෙහෙත් වල ඇති මින්ට් සහ මෙන්තෝල් වල රසය නිසා සුලූ කෑමක අපේක්ෂාව අඩු කිරීමට මීට හැකියාවක් ඇති අතරම අපි සවස් වරුවේ දත් මදින විට මොළයට “අද තවත් ආහාර අවශ්‍ය නැත” යනුවෙන් හදුනගනී. 

10. රාත්‍රී 11ට පෙර නින්දට යන්න.

ඔබ දන්නවාද නින්දේ සෑම අමතර පැයක්ම දවස පුරා ඔබ භාවිතා කරන කැලරි පරිභෝජනය 6% කින් පමණ අඩු කිරීමට හැකියාවක් තිබෙනවා. 

Related posts

Leave a Comment