ජීවිතයේ ඔබට ප්‍රයෝජනවත් වෙන ප්‍රථමාධාර ක්‍රම 09 ක්

අපි එදිනෙදා ජීවත් වෙද්දී අපිට බොහෝ අවධානම් වලට මුහුණ දීමට සිදු වෙනවා. කිසියම් අනතුරක් වෙන්න යන්නේ හරිම සුලු  කාලයක් වගේම මේ අනතුරු අපේ ජීවිත වලට පැමිනෙන්නේ අපි කලින් දැනගෙන නම් නෙමේ. ඉතින් ඔබ අනතුර අත ලග කියල හිතාගෙන සෑම අවධානකටම මුහුණ දෙන්න පුළුවන් විදිහට ජීවත් වුනානම් හරි. පෙර සූදානම කියන දේ කොහොමත් ඔබේ ආත්ම ආරක්ෂාවට වටිනවා. ඉතින් මෙන්න මේ නිසාම අද අපි ඔබට අරගෙන ආවා බොහොම වැදගත් ලිපියක්. අනපේක්ෂිතව ඇතිවන හදිසි කරදරයකදි ඔබට භාවිතයට ගත හැකි ඉක්මන් ප්‍රථමාධාර ක්‍රම කිහිපයක් ගැන තමා ඉතින් අද අපි ඔබට අරගෙන ආවේ. කියවලම බලන්නකෝ. 

01. තුවාල වූ විටක

ඔබේ හෘදය මට්ටමට වඩා ඉහළින් ඔබේ තුවාලය තබා ගැනීමට ඔබ සැම විටම උත්සහ කල යුතුයි. ඉදිමුම් සමනය කරගැනීමට හා තරල ඉවත්වීමට සහයක් මේ තුළින් ඔබට ලබා ගත හැකී. කොට්ටයක් භාවිතා කරමින් එම ප්‍රදේශය මදක් උස්ව සිටින ආකාරයෙන් තබා වැතිර සිටීමට ඔබට හැකී තුවාලය ඇත්තේ කලවා හෝ තට්ටම් ප්‍රදේශයේ නම්. 

02. සුලු පිලිස්සුම් තුවාලයකට

සමේ මතුපිට ස්තරය පමණක් බලපෑමට ලක්වූ පිලිස්සුම් තමා මෙහිදී පිලිස්සුම් තුවාල ලෙස අපි අදහස් කරන්නේ.බරපතල පිලිස්සුම් තුවාල මීට අදාල වෙන් නෑ. පළමුව තුවාලය මද උණුසුම් ජලයෙන් සෝදන්න. අයිස් ජලය සනීපයක් ඇතිකරනවා වුවත් එමඟින් පටක හානිය තවත් බරපතල අතට හැරිය හැක. තුවාලය පිරිසිදු කරගත් පසු අයිස් පැක් එකක් හෝ රෙදි කැබැල්ලකට අයිස් කැට කිහිපය දමා පොට්ටනියක් සේ සකසා තුවාලය මත තවන්න. බේකිං සෝඩා හා ජලය ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කිරිමෙන් පිලිස්සුමේ තාපය ඉවත්කරගැනීම ඔබට පහසු වේවි. මේ සදහා ප්‍රතිකාර කිරීමේදී ඉහත උපදෙස් භාවිතා කිරීමට ඔබට හැකියාවක් ඇත.

03. හෘදයාබාධයකදී

හෘදයාබාධයකින් ඇතිවිය හැකි හානිය අවම කරගැනීමට අවදානම දැනුනු විට ක්‍රියාත්මක වීම තුළින් පුළුවන්. ධමනි තුල අවහිරවීම් ඇතිවීමට බලපාන රුධිර කැටිගැසිම ඇතිකරවන රුධිර පට්ටිකා වැලැක්වීමට එවැනි අවස්ථාවක ඇස්ප්‍රින් පෙත්තක් සැපීම මඟින් හැකියාවක් තිබෙනවා.මෙහිදී ඔබ මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා ඒ තාම ඔබ මෙම ඇස්ප්‍රීන් කුඩා මාත්‍රාවක් ගැනීම හා ගිලීම හෝ වතුර සමඟ පානය කිරීම නොවේ කල යුතු ඔබ කල යුත්තේ මෙම පෙත්ත කටේ දමා සැපීමයි. පසුව හදිසි ගිලන්රථ සේවා සහය ලබාගෙන හෝ ඔබට රෝහලට යා හැකි වේගවත්ම ක්‍රමයට ඔබ රෝහලට යා යුතුයි.

04. මී මැස්සෙක් දෂ්ඨ කල විට

හැකි ඉක්මනින් විෂ තුඬ ඉවත්කිරීමට ඔබ කටයුතු කල යුතුයි මී මැස් දෂ්ඨ කිරිමක් ඔබට සිදු වුව හොත්. මෙම අවස්ථාවේදී ඉක්මනින් ක්‍රියාත්මක වීම බොහෝ වැදගත්. මීට හේතුව තමා  මී මැස්සෙකුගේ තුඬ ගැලවී ගිය විට ඉන් යම් ගන්ධයක් නිකුත් කරනවා මෙම ගන්ධයට අනෙකුත් මී මැස්සන් ආකර්ෂණය වීම සිදු වෙනවා මෙහිදී ඔවුන් ඔබට ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතිනවා. ඉන්පසු ඔබ කල යුත්තේ තුවාලය සේදීමයි.  අයිස් කැට කිහිපයක් පොට්ටනියක් සේ සකසා තුවාලය තැවීම සිදු කිරීමටත් ඔබ අමතක කරන්න එපා. ඔබ ලඟ එපිපෙන් (EpiPen) සැමවිටම ලග තබා ගැනීමට අමතක කරන්න එපා විශේෂ‍යෙන්ම ඔබ ආසාත්මිකතා ඇති අයෙක් නම්. 

05. අස්ථි බිඳුම් සඳහා

තුවාලය දිග ඇරීමට නැවීමට උත්සාහ කිරීම අහිතකරයි අස්ථි බිඳුමකදි. හානි වූ ගාතය නොසොලවා ස්ථාවර සේ පතුරක් යොදමින් වෙලුම් යෙදීමයි ඔබ කල යුතු. එම ස්ථානය එකම ඉරියව්වකින් තබාගැනීම තමා මෙහිදී ඔබට බොහෝ වැදගත් වෙන්නේ. බිඳුම අස්ථි විතැන්වීමක් හෝ උලුක්කුවක් වීම වළක්වා ගැනීමට ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබ යොමු විය යුතුයි

06. ඇසකට සිදුවූ අනතුරකදී

ඇස පිරිසිදු කරගැනීම තමා සාමාන්‍යෙන් ඇසට සිදුවන අනතුරකදි ඔබ පළමුවෙන්ම කල යුතු. ඇස හොඳින් ආවරණය කරගැනීම දෙවනුව කල යුතුයි. ප්‍රතිකාර සඳහා යොමු වීම කල යුත්තේ පසුවයි. නමුත් මෙසේ ඇස පිරිසිදු කිරීම ඔබට සිදු වෙන  සෑම අනතුරකදීම සිදු නොකල යුතුයි. මීට හේතුව තමා ඇස පිරිසිදු කරගැනීමට යාමේ දි ඇතැම් විට තුවාලයට තවදුරටත් බරපතල හානි ඇතිවීමට ඉඩ ඇති වීම. ඔබේ ඇස් හැකි ඉක්මනින් ගලන ජලයෙන් සෝදා පිරිසිදු කරගැනීම ඔබ කල යුතුයි ඔබේ ඇසට රසායනික ද්‍රව්‍ය ඇතුල් විමක් වැනි අනතුරක් ඔබට සිදු වූව හොත්. 

07. කීරක් ඇනීම නිසා වන තුවාල

විෂබීජ නිසා ආසාදනයට ලක් වෙන්න පුළුවන් කීරක් , පතුරක් හෝ ක‍ටු තුඩක් ඇනීම නිසා වන තුවාලයක් මගින්. දෑත් විෂබීජහරණය කරගැනීම ඔබ කල යුතුයි මෙවැනි තුවාල වලට බෙහෙත් කිරීමේදී.පළමුව ඇන්ටිසෙප්ටික් දියරයක් ගල්වා පසුව උණුවතුරින් තම්බාගත් ඉඳි ක‍ටුවකින් ඔබට පීඩා ගෙන දෙන කීර හෝ පතුර හෝ කටු තුඩ ගලවා ඉවත්කරගැනීමත් ඔබට කල හැකී. අවසානයේ තුවාලය සබන් හා ජලයෙන් හොඳින් පිරිසිදු කර ගැනීමට නම් අමතක කරන්න එපා. 

08. තුවාල කැලැල් සඳහා

බේකිං සෝඩා භාවිත කර ඔබට තුවාල වලට ප්‍රතිකාර කරන විට එම ස්ථානයේ කැලැල් ඇති නොවන සේ ප්‍රතිකාර කිරීමට හැකියාවක් ඇත.  සම මත කැලැල් ඇතිවිමෙන් වැලැක්වීම,  සම ආසාදනය වීමෙන් වැලැක්වීමට ඒවායේ ඇති විෂහරණ ගුණ නිසා සම මත කැලැල් ඇතිවිමෙන් වැලැක්වීමටද මීට හැකියාව ඇත. තුවාලයට වාතාශ්‍රය ලැබෙන පරිදි වෙළුම් යෙදීමට ඔබ අමතක කරන්න එපා බේකිං සෝඩා යොදා තුවාලයට ප්‍රතිකාර කරන විට. ජලයට බේකිං සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර තුවාලය සේදිමද ඔබට සිදු කල හැකිය.

09. හුස්ම අවහිර වීමකදී

පුද්ගලයාගේ ශ්වසන මාර්ගය අවහිර වී තිබීම නිසා පුද්ගලයෙකුගේ හුස්ම නැවතීම සිදු වෙන්න පුලුවන්. එවිට ඔබ කල යුත්තේ එම පුද්ගලයාව උඩු අතට හරවා මුව තුල යමක් ඇත්දැයි පරික්ෂා කිරීමයි. දියරයක් වුවත් යමක් ඇත් නම් එය ඔබට ඉවත් කල හැකී. ශ්වසන මාර්ගය විවෘත කිරීමට ඔබේ අත්වලින් පුද්ගලයාගේ හිස පහළට ඇල කර, නිකට ඉහළට ඔසවා අල්ලාගන්න. නිකට ඉහළට තෙරපන්න. නැතහොත් මුඛය විවෘත කරන්න.වායු මාර්ගය අවහිර කරගෙන ඇති දිව කොටස ඉහළට එසවී වායු අවරෝධය ඉවත් වීම මෙහිදී සිදු වේ.මෙය සිදු වෙන තුරුම හිස ඇල කිරීම සිදුකර යුතුයි.

Related posts

Leave a Comment