මේ ආණ්ඩුවට යහපාලනයෙන් වැඩි කළ විශ්‍රාම වැටුපවත් දෙන්න බැරි වෙලා තියෙනවා

එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (16) රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් පිරිසක් සමඟ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ 2015 බලයට පැමිණි ආණ්ඩු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් විසමතා ඇතුළු ඔවුන් මුහුණ පා සිටින අනෙකුත් ගැටලු විසඳීමට ක්‍රියා කළ ද, වත්මන් ආණ්ඩුවට පසුගිය පාලන සමයේ වැඩි කළ විශ්‍රාම වැටුපවත් දීමට නොහැකි වී ඇති බවයි. රටේ අනෙකුත් අර්බුද මෙන්ම විශ්‍රාමිකයන්ද දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව පෙන්වා දෙන ඒ මහතා රජය වහාම විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට පියවර ගත යුතු බව කියා සිටියේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment