ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කෝච්චියට පැන දිවි නසා ගනී

පසුගිය 11 දා රාත‍්‍රි 10 ට පමණ ගල්කිස්ස සිට යාපනය බලා ධාවනය වූ අංක (3) දුම්රියට වනවාසල සහ හුණුපිටිය දුම්රිය නැවතුම්පලවලට අතර මැදිව පුද්ගලයකු පැන දිවි නසාගෙන ඇති බව කඩවත පොලිසිය කියයි.
 
 මෙලෙස තම දිවි අහිමි කරගෙන ඇත්තේ කැලණිය හෙයියන්තුඩුව කැකුණගල අංක 535/19 දරණ නිවසේ පදිංචිව සිටි බියගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකු වූ සිඞ්නි කැල්මාස් මෙන්ඩිස් (62) මහතා බව පොලිසිය කියයි.
 
 ව්‍යාපාර ගනුදෙනුවකදී මිතුරන් විසින් කරන ලද වංචාවන් සහ විශ්වාසය කඩකිරීම් නිසා සිය දිවි හානිකරගෙන තිබෙන බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ බව නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ සහ හදිසි මරණ පරීක්‍ෂක වෛi ඩබ්ලිව්. ඩී. පද්මසිරි පෙරේරා මහතා පැවසීය.
 
 කඩවත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂන් පෙරේරා මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි

Related posts

Leave a Comment