රංජන්ගේ සුවදුක් බැලීමට ඇමති නාමල් හිර ගෙදරට යයි

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අමාත්‍යවරයා රන්ජන් රාමනායකගේ සුදු දුක් විමසා ඇතැයිද සඳහන්ය.

ඔවුන් දෙදෙනා අතර පැය භාගයක පමණ සාකච්චාවක් පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමින් රන්ජන් රාමනායකට බරපතල වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් නියම කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

Related posts

Leave a Comment