නිවසේදී ගිනි ඇවිළී තිදරු පියෙක් මරුට

මාතලේ, දළුපොතුගම ප්‍රදේශයේදී පුද්ගයෙකු පිළිස්සුම් තුවාල සහිතව මාතලේ රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පුද්ගලයා අද (18) උදෑසන මියගොස් ඇති බව වාර්තාවේ
එලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි තිදරු පියෙකි.

සිය නිවෙසේ සිටින අවස්ථාවේ දී එම පුද්ගලයාගේ සිරුරට ගිනි ඇවිළී ඇත.

කෙසේවෙතත්, දරුවන් පවසන්නේ පියාගේ සිරුරට ගිනි ඇවිළීම සම්බන්ධයෙන් සැකකයක් පවතින බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

Leave a Comment