කළු සාගරගේ මත්ද්‍රව්‍ය බෙදාහැරි යුවලක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් ළඟ තබාගෙන සිටි යුවලක් තලංගම පොලීසිය විසින් අද (18) අත්අඩංගුවටගෙන තිබේ.

ඒ තලංගම හීනටිකුඹුර ප්‍රදේශයේ දීය.

අදාළ කාන්තාව 33 හැවිරිදි නෝනාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අත්අඩංගුවටගත් පුද්ගලයා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම යුවල මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇති බවය.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින බවට සැකකෙරෙන කළු සාගර සහ ඔහුත් සමග ජීවත්වෙන මුතු නැමති කාන්තාවක් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

Leave a Comment