වරාය නගර ව්‍යාපෘතිය මඟින් අපේ රට පිටරටවල වහල් දේශයක් කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් කියයි

මූල්‍ය ත්‍රස්තවාදය සහ මූල්‍ය බෙදුම්වාදයත්, ආර්ථික ත්‍රස්තවාදය සහ ආර්ථික බෙදුම්වාදය, ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (18) හම්බන්තොටදී පැවසීය. රට සහමුලින්ම විදෙස් රාජ්‍යයන්ගේ වහල් දේශයක් බවට පත්කිරීමේ පිඹුරුපත ආණ්ඩුව විසින් වරාය නගර ව්‍යාපෘතිය හරහා නිර්මාණය කොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ඊට එරෙහිව සමඟි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බවත්, ආණ්ඩුවේ මේ කූට උපක්‍රමය පරාජය කිරීම සඳහා ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් කීවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් ආණ්ඩුව මේ කටයුතු කරමින් සිටින්නේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහමුලින්ම පාවාදීමට බවද ඔහු පැවසීය. ආණ්ඩුව බෙදුම්වාදී ක්‍රියාපිළිවෙත නවතාවයකින් කරළියට රැගෙනවිත් ඇති බව පෙන්වා දුන් හෙතෙම ආණ්ඩුව ඒ හරහා ජාවාරම්කාර මූල්‍ය ධනවාදයක් ගොඩනැගීමට කටයුතු කර ඇති බවද සඳහන් කළේය.

Related posts

Leave a Comment