ඊයේ තවත් කොවිඩ් මරණයක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  නිවේදනය කළේ ඊයේ (18) දිනයේ ද මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වන බවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි එම පුද්ගලයා මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී ඊයේ (17) මියගොස් ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ මරණයට හේතුව ලෙස කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර ලියුකේමියා තත්ත්වය බවයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment