දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදැරූ පිරිසක් පාස්කු ප‍්‍රහාරය එල්ල කළා – කාදිනල්තුමන්ගෙන් ප‍්‍රකාශයක්

ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදරූ පිරිසක් පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බව කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමා ප‍්‍රකාශ කළහ.

පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් ඉදිකළ ස්මාරක ආසිරි ගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකක් ආසිරි ගැන්වීම ඊයේ (18දා) පස්වරුවේ අගරදගුරුතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ඒ අනුව බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණි උන්වහන්සේ ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් 09 දෙනකු සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරකයක් ආසිරි ගැන්වීම සිදු කළහ.

අනතුරුව අගරදගුරුතුමන් පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකළ ස්මාරකය ආසිරි ගැන්වීමද සිදු කළහ.

Related posts

Leave a Comment