ලෝක විවාහක රූ රැජිණට අද උසාවියෙන් ලැබුණු නියෝගය

ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි සහ චූලා පත්මේන්ද්‍ර යන අය ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා සුළු තුවාල කිරීමේ සිදුවීමට අදාළව රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) එම නියෝගය සිදුකර ඇත.

එම සිදුවීමට අදාළව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටි අතර පොලිස් ඇප මත සිටි සැකකාරියන් අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

අදාළ පැමිණිල්ල කර තිබුනේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් ය.

Related posts

Leave a Comment