වරාය නගර නිසා රටේ භෞමික අඛණ්ඩතාවට හානියක් වන්නේ නෑ

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කෙරෙන නීතිමය රාමුවක් තුළ යැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දූරස්ථ ඉගෙනුම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව මෙහි සියලු කටයුතු සිදු කරන බැවින් කිසිවිටෙක මෙය වෙනත් රටක භූමියක් වශයෙන් හුවා දැක්වීම වැරදි සහගත බව ද හෙතෙම කීවේය.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත තුනෙන් දෙකක බලයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුද නැද්ද බවට තීරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව යැයි ද ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

Related posts

Leave a Comment