බීමත් රියදුරන් 905ක් අත්අඩංගුවට ගනී

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර සිටියේ ඉකුත් 18වැනිදා දහවල් 12.00 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 අත්අඩංගුවට ගත් බවයි.  එසේම මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් 6,898 දෙනෙක් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇත. එමෙන්ම, අප්‍රේල් 10 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලය තුළ වැඩි වශයෙන් අනතුරට ලක්ව ඇත්තේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment