මනුෂ්‍ය ඝාතන දෙකක්

නොරොච්චෝලය සහ රත්ගම යන ප්‍රදේශවල දී පුද්ගල ඝාතන 2ක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

නොරොච්චෝලය, ආලංකුඩාව ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත.

මෙලෙසම මියගොස් ඇත්තේ 43 හැවිරිදි කාන්තාවක් වන අතර පවුල් ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර රත්ගම, සිරිකදුරවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක් වන අතර දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතකයා හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

Related posts

Leave a Comment