ස්කිපින් රෝප් (ලණු පැනීමේ)ව්‍යායාමයෙන් ලැබෙන ප්‍රයෝජන 8ක්

මේ ක්‍රීඩාව ඔබට මතකද අපි බොහෝ දෙනා පොඩි කාලේ මේ ක්‍ර්‍රීඩාව කරන්න හරිම කැමතී. අපේ කුඩා කාලේ ජනප්‍රිය ක්‍රීඩාවක් මෙය. මේක අපිට ව්‍යායාමයක් ලෙස ක‍රන්නත් පුළුවන්. මේක අපිට හොදම ප්‍රතිඵල ලබාදෙන ව්‍යායාමයක්. ඔබට මේ ව්‍යායාමයේ විනාඩි 15 ක් යෙදුනත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. මේ ලෙඩ රෝග තිබෙන කාලේ ඔබට එලියට බහින්න බැරි උනා නම් ඔබේ ව්‍යායාම කරන්න මෙන්න ඔබට කදිම ක්‍රමයක් ඔබේ බර අඩු කර ගන්න නිවසේ සිටම. බර අඩු කරගන්න විතරක් නෙමේ මේ ක්‍රමයෙන් ඔබට තවත් ප්‍රතිලාභ රාශියක් ලබා ගත හැකී. ඒ වගේම මේ ව්‍යායාමයේ තිබෙන තවත් විශේෂත්වයක් තමා වැඩි ඉඩක් නොගෙන ඔබට මේ ව්‍යායාමයේ නි‍රත වෙන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට අරගෙන ආවේ මේ ව්‍යායාමයෙන් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 8ක් ගැන. ඔබට මේ ලිපියත් බොහෝ වැදගත් වේවි. 

01. හෘද සෞඛ්‍යය සුරකී.

ප්‍රීතිමත් හදවතක් කියල කියන්නේ ඉතින් නිරෝගි හදවතක්. ඔබේ හදවත නිරෝගීව තබා ගන්න පුලුවන් ඉහළ තීව්‍රතාවයකින් යුත් හෘද ව්‍යායාමයක් සිදු කිරීම තුලින්. ඔබේ හෘද ස්පන්දන වේගය උපරිම කැලරි දහනය වන ස්ථානයකට වැඩි කරන අතර අතිරික්ත බර ඉවත් කිරීමට මීට හැකියාව ඇති අතරම මේ ව්‍යායාමය සිදු කිරීමේදී ඔබගේ විශාල මාංශ පේශි සියල්ලම උපයෝගී කර ගැනීමට හැකියාවක් මීට තිබෙනවා.

02. උදර මේදය දහනය වේ.

හෘදයට හිතකර තත්වයක් වගේම විලාසිතාවක් නෙ මේ පැතලි බඩ කියල කියන්නේ. ඉතින් පැතලි බඩක් ලබා ගැනීම අපි හැමෝගෙම හීනයක්. සමස්ත ශරීර මේදය නැති කර ගැනීමට හොදම ක්‍රමයක් තමා මේ ලණු පැනීම කියන්නේ.  ජෝගිං වලට වඩා 25% වැඩිපුර කැලරි දහනය කිරීමට මේ ව්‍යායාමයට හැකියාව තිබෙනවා මේ ව්‍යායාමය විනාඩි 10ක් වගේ සුළු කාලයක් සිදු කලත් ඔබට මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 

03. අස්ථි සෞඛ්‍යය සුරකියි.

අපි කවුරුත් දන්න දෙයක් නෙ මේ කොල පැහැති එළවළු අස්ථි ගොඩනැගීමට බොහෝ සහයක් දක්වනවා කියන එක. ඒ වගේම අස්ථි ඛනිජ ඝනත්වය වැඩි කරන අතර කොඳු ඇට පෙළ සහ ඔබේ කකුල්වල අස්ථි ශක්තිමත් කිරීමට මේ ව්‍යායාමයට හැකියාවක් තිබෙනවා. 

04. සම දීප්තිමත් වේ.

ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි කිරීමට වගේම  ඔබේ ශරීරය පුරා රුධිර සංසරණය වැඩි කිරීමට ලණු පැනීම ඔබට බොහෝ දායකත්වයක් දක්වන දෙයක්. මේ තුලින් ඔබේ ශරීරයේ විෂ ඉතා වේගයෙන් අයින් වෙනවා මෙය සිදු වෙන්නේ හෘද ස්පන්දන වේගය ඉහළ යාම නිසා දහඩිය වැඩි වීම නිසා.ඔබට දීප්තිමත් සමක් ලැබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් විදිහට. 

05. ක්‍රියාශීලී බව වැඩිවේ.

ක්‍රියාශීලී බව ප්‍රවර්ධනය කරන ව්‍යායාමයක් තමා මේ.  ඉක්මනින් හා පහසුවෙන් ගමන් කිරීමේ බලය, ඔබේ ශක්තිය වැඩි දියුණු කිරීම, නම්‍යශීලීභාවය සහ අත්-පාද පාද සම්බන්ධීකරණය තීව්‍ර කිරීමට මීට හැකියාව තිබෙනවා. කීර්තිමත් පුද්ගලයින් සියල්ලන්ම මෙම ව්‍යායාමය කරනවා ඔබ දැක ඇති මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිට ජිම්නාස්ටික් ක්‍රීඩකයින්, බොක්සිං ක්‍රීඩකයින් සහ ටෙනිස් ක්‍රීඩකයින් වගේ අය ඉන්නවා. ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ ඔවුන් මේ ව්‍යායාමයේ නිරත වෙන එක. 

06. මාංශ පේශි ශක්තිමත් වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට විතරක් නෙමේ ශක්තිමත් වූ මාංශ පේශි තියෙන්නේ. ඔබේ පහළ සහ ඉහළ ශරීරය සඳහා ශක්තිමත් වූ මාංශ පේශි ලබා ගන්න ඔබටත් හැකියාව තිබෙනවා ඔබේ ව්‍යායාම වලට මේ ව්‍යායාමයත් එක් කර ගැනීම තුළින්. ඔබ බිය විය යුතු නෑ මේ ව්‍යායාමය කරද්දී ඔබට දැනෙනවා ඇති මුලින්ම ඔබ ගිනි ගෙන වගේ. ඒ මේ ව්‍යායාමය කරද්දි දැනෙන සාමාන්‍ය දෙයක්. ඔබගේ අක්‍රිය මාංශ පේශි අවදි වෙන නිසා තමා මෙය සිදු වෙන්නේ. දින කිහිපයකින් පසු මෙම තත්තවය සාමාන්‍ය වෙනවා. 

07. පෙනහළු වල සෞඛ්‍ය සුරකියි.

පර්යේෂණවලින් සොයාගෙන තිබෙන පරිදි ශ්වසනය සහ රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සඳහා ලණු පැනීම කදිම ක්‍රමයක්. මේ හරහා ඔබේ මුළු ශරීරයටම ශක්තියක් ලබා ගැනීමට පුලුවන් වෙනවා. ඔබේ සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන නිසා තමා මෙය වෙන්නේ.

08. මනස නීරෝගී වේ.

මනස සහ ශරීරය එකම අරමුණක තබා ගැනීමට සිදු වෙනවා ඔබ මේ ව්‍යායාමය සිදු කිරීමේදී. මෙය ධනාත්මක ශක්තියක් ජනනය කරනවා මානසික ආතතිය හා මානසික අවපීඩනය සමනය කිරීම සඳහා. මෙමගින් මතකය වැඩිදියුණු කළ හැකි අතර සමස්ත යහපැවැත්ම පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හැකි ව්‍යායාම ක්‍රමයක් තමා මෙය. 

Related posts

Leave a Comment