දිල්ලි කැපිටල්ස් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැනට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 18 රාත්‍රීයේ පැවති තරඟයෙන් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විණි.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 195කි.

පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් මායන්ක් අගර්වාල් පන්දු 36කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 69ක් රැස් කළේය.

කේ. එල් රාහුල් පන්දු 51කදී ලකුණු 61යි.

ලකුණු 196ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2කදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී ශිකර් ධවාන් පන්දු 49කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් සමගින් වේගවත් ලකුණු 92ක් රැස් කළේය.

ප්‍රිත්වි ෂෝ පන්දු 17කදී ලකුණු 32යි.

එම ජයත් සමගින් දිල්ලි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණි.

Related posts

Leave a Comment