හැමදාම එකම ආහාරයක් උදේට කෑමෙන් ලැබෙන ප්‍රයෝජන

ඔබට මොකද හිතෙන්නේ හැමදාම එකම උදේ ආහාර වේල ලබා ගැනීම පිළිබදව. ඔබට නම් මෙය හරිම නීරස දෙයක් නේද ?  හැමදාම එකම විදිහට කන්නේ කොහොමද කියල නේද ඔබට හිතෙන්නේ. ඔව් බොහෝ දෙනාට එහෙම හිතෙනවා ඇති. ඒත් ඔබ දන්නවාද ? හැමදාම එකම උදෑසන ආහාරය ලබා ගැනීම තුළින් ඔබට නිරෝගි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට අරගෙන ආවේ මේ ගැන කරුණු කිහිපයක්. 

01. ඔබට කාලය ඉතිරි කර ගැනීමට හැකි වේ.

සමහර පුද්ගලයින් බොහෝ කාලය ගත කරනවා උදෑසන ආහාර වේලට කුමක් ආහාරයට ගත යුතුද යන්න සිතීමටම.ඔබ එය එච්චර සිතන් නැති උනාට ඇත්තටම මේකට බොහෝ කාලයක් ගත වෙනවා. 

නමුත් ඔබ හැමදාම එකම ආහාරය අනුභව කරාම ඔබට සිතීමට කාලය ගත වෙන් නෑ. ඔබට ඉක්මනින්ම ඔබේ ආහාරය සකසා නිම කර ගන්න පුලුවන්.  ඔබට පෙර දින රාත්‍රියේ එය පිළියෙළ කිරීමට හැකි වන නිසා එම කාලයත් ඔබට ඉතිරි කර ගැනීමට හැකියාව තිබෙනවා.  

02. ඔබේ මොළයට වඩා වැදගත් දේවල් ගැන සිතීමට හැකියාව ලැබෙයි.

ඔබට කවදාවත් හිතිල තියෙනවාද ස්ටීව් ජොබ්ස් සෑම විටම කළු ඇඳුමින් සැරසී සිටියේ මන්දැයි හෝ මාක් සකර්බර්ග් සාමාන්‍යයෙන් අළු වර්ණවලට ඇලී සිටින්නේ මන්දැයි කියා. එය ඔවුන්ට වඩාත් ඵලදායී වීම තමා මීට හෙතුව. ඔබේ මනසට වඩාත් වැදගත් දේ සහ දිවා කාලයේදී ඉටු කර ගත යුතු දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබට පුලුවන් දවසට ඇඳිය යුතු දේ හෝ උදේ ආහාරය සඳහා කුමක් අනුභව කළ යුතුද යන්න ගැන නොසිතීම තුළින්. 

03. ඔබ ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කිසි විටෙකත් අතපසු නොකරයි.

පෝෂ්‍ය පදාර්ථ අඩංගු දේවලින් ඔබේ ශරීරයට ශක්තියක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා ඔබගේ උදේ ආහාරය ඕට්ස් බඳුනක්, සරල ඔම්ලට් එකක් හෝ නැවුම් පලතුරු කිහපයක් නම්.  දිනක් පුරාවට ඔබට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට පෝෂ්‍ය පදාර්ථ සහිත උදෑසන ආහාරයක් උදෑසනම ලබා ගැනීම තුළින් පුළුවන්. 

04. ඔබට බර අඩු කර ගැනීමට හැකියාව ලැබේ.

 පර්යේෂණවලින් හෙළි වී තිබෙන පරිදි සෑම දිනකම එකම ආහාර අනුභව කිරීමෙන් ඔබට බර අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ එකම ආහාර වේල දිනපතාම ලබා ගන්නවා නම් ඔබ ආහාරයට ගන්නේ කුමක්ද යන්න පිළිබදව ඔබට හරි අවදානයක් තිබේ. මෙවිට ඔබට ඔබේ ආහාර වේල හොදින් පාලනය කිරීමට හැකියාවක් ලැබේ.  ඔබ සීනි සහ මේදය වළක්වා ගන්නේ නම්, එමඟින් ඔබේ කැලරි ප්‍රමාණය සහ ශරීරයේ බර අඩු කර ගැනීමට ඔබට හැකියාවක් ඇත. 

05. ඔබේ ආහාර වියදම් සැහැල්ලු වනු ඇත.

ඕට්ස්, කිරි සහ රසකාරක ටිකක් සඳහා පමණයි ඔබ වියදම් කරන්න ඕන ඔබේ උදෑසන ආහාර වේල ඕට්ස් නම්.  ඔබ ආහාරයට ගන්නේ මොනවාදැයි දැන ගැනීමෙන් ඔබට වඩාත් නිවැරදි ලැයිස්තුවක් සෑදීමට හැකියාව ලැබෙනවා. ඔබේ මුදල් පසුම්බියේ වැඩි මුදල් ප්‍රමාණයක් ඉතුරු  කර ගැනීමට මේ තුළින් ඔබට හැකියාව ලැබෙනවා. ඔබට සැලැස්මකට ආහාර මිලදී ගන්න පුළුවන් ඔබ ආහාරයට ගන්නේ මොනවාද යන්න ඔබ නිසැකවම දන්න නිසා. 

06. ඔබ මෙය පුරුද්දක් කර ගැනීමට පුහුණු වන්න.

මෙලොව සමෘද්ධිමත් වී සාර්ථක වීමට අවශ්‍ය දෙයක් තමා හොද පුරුදු කියල කියන්නේ. වෙනත් හොඳ පුරුදු වලට අනුවර්තනය වීමට ඔබේ ශරීරය සහ මොළය සකස් කිරීමට ඔබට පුලුවන් දෛනිකව බිත්තර අනුභව කිරීම තරම් සරල දෙයක් මඟින්. ශරීරයේ හැඩය පවත්වා ගැනීමටත්, සියලු පෝෂණ ප්‍රතිලාභ ලබා ගැනීමටත් මෙවැනි පුරුදු ඔබට දිගටම කර ගෙන යන්න පුළුවන්. 

Related posts

Leave a Comment