රිය අනතුරුවලින් දින 8ක් තුළ මරණ විශාල ප්‍රමාණයක්

ගත වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් තිදෙනෙකු යතුරුපැදිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

සෙසු තිදෙනා පදිකයින් බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය 13 වන දින සිට අද උදෑසන වන විට රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 75 දෙනෙකු මියගොස් තිබේ.

රිය අනතුරු හේතුවෙන් එම කාලය තුළ පුද්ගලයින් දහසක් පමණ තුවාල ලබා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

Leave a Comment