පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය නතර කෙරේ

පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය ඉදිරියේදී නතර කරන බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරටදී පොල්තෙල් නිෂ්පාදනය කිරීමට කොප්පරා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය මේ වනවිටත් හිමිව ඇති බවයි.

මේ අතර මිල වැඩිවීම නිසා දකුණු පළාතේ ගෘහස්ථව පොල්තෙල් නිෂ්පාදනය කරනු ලබන සුළු පරිමාණ පොල්තෙල් නිෂ්පාදකයින් ගැටළු රැසකට මැදිව ඇති බව වාර්තාවනවා.

කොප්පරා කිලෝවක මිල රුපියල් 430 දක්වා වැඩිවී ඇති බවයි ඔවුන් කියා සිටියේ. එම තත්වය නිසා ගෘහස්ථව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් බෝතලයක මිල රුපියල් 550ත්, 650ත් අතර ප්‍රමාණයක් දක්වා වැඩි වී ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම, රජය මගින් පනවනු ලැබු පාම් ඔයිල් තහනම හේතුවෙන් ඉදිරියේදී තම නිෂ්පාදනවලට බලපෑම් එල්ල විය හැකි බව ලංකා රස කැවිළි නිෂ්පාදකයන්ගේ සම්මේලනයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර ප්‍රකාශ කළා

Related posts

Leave a Comment