පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ 1400 ක්

මන්ත්‍රීවරුන් ඇතුළු 1400කට අධික පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

අද දිනයේදී පුද්ගලයන් 190දෙනෙකු පීසීආර් පරීක්ෂණ වෙත යොමුකර ඇතැයිද ඔහු සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ ඔවුන්ව මෙම පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර, සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක් විෂබීජානුහරණයට ලක් කර අවසන් බවත් ආරංචි මාර්ග අනාවරණය කරයි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ආසාදිතයකු බව අද(25) තහවුරු වීමත් සමඟ, කොරෝනා වයිරසය ආසාදිත සමස්ත මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

Leave a Comment