රනිල්ගෙන් වරාය නගරය ගැන විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉරිදා (25) කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. යහපාලන රජය බලයට පත් වන විට සින්නක්කරව චීනයට පවරා තිබූ වරාය නගරය 99 අවුරුදු බද්දක් බවට පරිවර්තනය කිරීමට යහපාලන රජය ගත් පියවර පිළිබඳ ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී හෙළිදරව් කිරීමට නියමිතව ඇත.  ඇතැම් පාර්ශ්ව මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බිල්ලන් මවමින් සහ කළ හැකි සෑම දෙයක් ම කරමින් කටයුතු කළද ඒ සම්බන්ධයෙන් රජය ක්‍රියා කර ඇත්තේ නිසි ක්‍රමවේදයට අනුකූලව බවත් ඇමැතිවරයා අවධාරණය කරයි. එසේම, ඇතැමුන් පවසන අන්දමින් කොළේ වසා ගැසීමක් මෙහිදී සිදුව නොමැති බව කී ඇමැතිවරයා, චීන කොලනියක් ගැන කිසිම තැනක සඳහන් නොවන බව ද අවධාරණය කළේය. ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කැබිනට් මණ්ඩලය මෙම කෙටුම්පත අනුමත කළ පසු 19 වැනිදා පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට මෙය ඉදිරිපත් කළ බවද, විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට එහිදී මේ කරුණ සම්බන්ධයෙන් තමන්ට සිය කරුණු දැක්වීම් හා විරෝධතා ඉදිරිපත් කිරීමට ඉඩකඩ තිබියදී එයින් පිටතදී දෝෂාරෝපණය කිරීම වරදක් බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පනත් කෙටුම්පතට එකඟ නැති බව කණ්ඩායම් රැස්වීමේදී නොකියා කැලෑ නීතිය හරහා ගොස් ලෝකයට කියන එක නතර කිරීම කිසිවකුට නොහැකි බව කී ඇමැතිවරයා, මෙය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන භාවිතය සමඟ තිබෙන ප්‍රශ්නයක් බවත්, ඒ ගැන කතා කිරීමට තමන් අකැමැති බවත් කීවේය. තමන්ට පැවසිය හැක්කේ දේශාපාලන පක්ෂයක හා පාර්ලිමේන්තුවේ තිබෙන ක්‍රමවේදය අනුව මෙහිදී රජය කටයුතු කර තිබෙන බව පමණක් බවද පැවසීය. තීන්දු ගන්නේ ඇමැතිවරුන් විසිහත්දෙනා නොවන බවත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව එයට ඇතුළත් වන බවත් පෙන්වා දුන්නේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment