සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා වත්තලදී ඊයේ (20) ප්රකාශ කළේ ඇතැම් දේශපාලනඥයන් රටේ දැවෙන ප්රශ්න අමතක කර පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තමන්ට මඩ ප්රහාර එල්ල කරන බවයි. තමන් ඒ ගැන කනගාටු වන බව පැවසූ ඒ මහතා නියම ආකාරයෙන් ආගම ඇඳහීමට තමන් පටන් ගත්තේ පාස්කු ප්රහාරයෙන් පසුව යැයි ද කියා සිටියේය. වත්තල මාබෝල දී පැවැති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවැසීය. පාස්කු ප්රහාරය දඩමීමා කරගෙන ජාතීන් අතර බිල්ලන් මවපු දේශපාලකයන් අද ඒ සතුට භුක්ති විඳින බවත් හෙතෙම කීවේය. පාස්කු ප්රහාරය සොයා බැලීමට පත් කළ කමිටුව තමාව චෝදනාවලින් නිදහස් කළත් වර්තමාන ආණ්ඩුවේ දේශපාලනඥයන් තවත් තමන්ට මඩ ගසමින් සිටින බවද හෙතෙම කීවේය.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.
ඇතැම් දේශපාලනඥයන් මට මඩ ගහනවා
