කොවිඩ් රතු ලැයිස්තුවට ඉන්දියාවත් එක්වෙයි

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මැට් හැන්කොක් පැවසුවේ නව කොවිඩ් ප්‍රභේදයක බියෙන් එක්සත් රාජධානිය නම් කර ඇති ‘රතු ලැයිස්තු වේ රටවල් අතරට ඉන්දියාවත් ඇතුළත් කර ඇති බවයි. ඒ අනුව මේ මස 23 වැනිදා සිට ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන කිසිදු පුද්ගලයකුට රට තුළට ඇතුළු වීමට අවසර නොලැබෙනු ඇත. ඉන්දීය නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් 103 දෙනකු එරටින් වාර්තා වීමෙන් පසු බ්‍රිතාන්‍ය රජය මේ තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. එම කාල සීමාවේදී බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත ගුවන් ගමන් බලපත් හිමි පුද්ගලයන්ට සහ එක්සත් රාජධානියේ පුරවැසි හිමිකම් ඇති අයට අවසර දීමට කටයුතු යොදා ඇති අතර, ඔවුන් රජයේ අනුමත හෝටලයක දින 10ක කාලසීමාවක් නිරෝධායනය විය යුතුය. නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන්ගෙන් බහුතරය විදෙස් රටවල සිට පැමිණි අය බව එරට සෞඛ්‍ය ලේකම්වරයා කීවේය. නව ප්‍රභේදයට එරට වැසියන් සම්ප්‍රේෂණ වීමේ හැකියාව හෝ ඊට ප්‍රතිකාර හා එන්නත් සාර්ථක වේදැයි යන්න පරීක්ෂා කිරීමේ සාම්පල විශ්ලේෂණය කර ඇති බව ඔහු පැවසීය. බ්‍රිතාන්‍ය රතු ලැයිස්තුවට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, පිලිපීනය, කටාර්, දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළත් ය. ඉන්දියාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීම දුෂ්කර නමුත් වැදගත් තීරණයක් බවත් සෞඛ්‍ය ලේකම් පැවැසීය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment