වන විනාශය,වනාන්තර එළිපෙහෙළි කිරීම,කඩොලාන පරිසර පද්ධති විනාශ කිරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් වැටලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
ඊයේ (21) දිනයේ ද පදවිය ප්‍රදේශයේ රක්ෂිතයක අක්කර 02 ක ප්‍රමාණයක් අනවසරයෙන් එළිපෙහෙළි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත
පරිසර විනාශය වන විනාශය සම්බන්ධයෙන් 1997 දුරකථන අංකයට මගින් පොලිසිය දැනුවත් කළ හැකි බව ද සඳහන් වේ
එමෙන්ම පරිසර විනාශය සම්බනධයෙන් සාර්ථක තොරතුරු ලබා දෙන අයට වටිනා මුදල් ත්‍යාග ලබා දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය