ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමෙන් පසුව යම් සංකූලතාවයක් ඇතිවුව හොත් දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 0113415985 දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද සඳහන් කළාය.
මෙවැනි රෝගීන් සඳහා කොළඹ මහ රෝහලේ විශේෂ ඒකකයක් සූදානම්ව පවතින බවද ඇමැතිවරිය කීවාය.