පොලීසියට නව උපකරණයක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන අය අත්අඩංගුවට ගැනීමට භාවිත කරන නව උපකරණ නව උපකරණ වැඩි වශයෙන් මිලදී ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අවධානය යොමුවූ බවයි. මෙම නව උපකරණයේ සීමිත සංඛ්‍යාවක් ලංකාව තුළ ඇති බවත් මෙහෙයුම් දැඩි කිරීම සඳහා තවත් උපකරණ මිලදී ගන්නා බවත් ඔහු පැවැසීය. මත්පැන් භාවිත කරමින් රිය පදවන අය අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රෙතලයිසර් උපකරණය හා ශ්වසන වායු පරීක්ෂාව සිදුකරන බවද ඔහු සඳහන් කළේය. එසේම වර්ෂයකට 100,000කට ආසන්න රියදුරන් සංඛ්‍යාවක් බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

Related posts

Leave a Comment