රක්ෂිතයක අක්කර 2ක් එළි පෙහෙළි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට!

පදවිය රක්ෂිතයේ අක්කර 2ක භූමි ප්‍රමාණයක් අනවසරයෙන් එළි පෙහෙළි කළ පුද්ගලයෙකු ඊයේ (අප්‍රේල් 21) පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලිසිය පරිසරයට සිදු කරන හානි සෙවීමට විශේෂ මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය වනාන්තරය එළි පෙහෙළි කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම, කඩොලාන පරිසර විනාශ කිරීම සහ ජලය අපවිත්‍ර කිරීම ආදිය සම්බන්ධයෙන් නිරතුරුව ම අවධානයෙන් සිටින බවත් ය.

Related posts

Leave a Comment