තහනම් කල ජිහාඩ් අන්තවාදීන් එක්ක දේශපාලනය කල ජවිපෙ තහනම් කරන්නේ කවදාද? [VIDEO]

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වී වසර දෙකක් ගතවී අවසානය, එයට වගකිවයුතු මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇතිව තිබෙන අතර ප්‍රහාරය එල්ලවන සමයේ ආණ්ඩු කෙරු අය අද විපක්ෂයේය එදා විපක්ෂයේ සිටි අය අද ආණ්ඩුවේය, එදා යහපාලන ආණ්ඩුවට දර දිය අදිමින් සහාය දුන් 3% ජවිපෙ අද වත්මන් ආණ්ඩුව විවේචනය කරමින් පහරදෙමින් සිටින්නේ පාස්කු ප්‍රහාරකයින් නිදැල්ලේ බව පවසමින් මිලියන ගණන් වියදම් කොට පෝස්ටර් ගසමින් සිටී…

ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමු තියමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කැම්පේන් කරමින් පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් ගැන කතා කලද අන්තවාදී ඉස්ලාම් සංවිධාන සමඟ දේශපාලනය කරමින් හා ඔවුන්ගේ ආධාර මත යැපෙමින් සිය ජීවිකාව ගෙනගිය අකාරය මේ වනවිට හෙළිවී හමාරය.

පාස්කු ප්‍රහාරකයින් දෙදෙනකුගේ පියා වන ඊබ්‍රහිම් හාජියාර් ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පර්ලිමේන්තුවට පවා එන්නට සැලසුම් සකස්කොට තිබු අකාරය නොරහසකි, ඒ අයුරින්ම මෙරට තහනම් කරන ලද වහාබ් වාදී හා ජිහාඩ් අනුගාමික සංවිධාන සමඟද ජනතා විමුක්ති පෙරමුණ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට හෙළි වෙම්න් තිබේ.

ඔවුන් පාස්කු මහමොලකරුවන් නිදැල්ලේ බවට නගනා හඬ සැබවින්ම සත්‍ය බව පෙනී යන්නේ ඔවුන් ඒ ප්‍රහාරකයින් ඇසුරු කරමින් ඒ සියල්ල හොඳින්ම දන්නා නිසා බවට සැකයක් මතුවෙමින් තිබේ, කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය තව තවත් දේශපාලනය නොකොට මහා මොළකරුවන් පිළිබඳව දන්නා සියල්ල ඔවුන් හෙලිකල යුතුය නැතිනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් දන්නා කරුණු කෙසේ හෝ හෙළිකරගෙන ජනතාවට හෙළි කලයුතුය, නැතිනම් අන්තවාදීන් සමඟ දේශපාලනය කල ජවිපෙ වැනි කාලකන්නි සංවිධානද අන්තවාදීන් මෙන්ම තහනම් කලයුතුය.

ජමාතේ ඉස්ලාම් සංවිධානය පසුගිය මහ මැතිවරණයට ජවිපෙ සමඟ එක්ව ජාතික ජන බලවේගය හරහා දේශපාලනය කල අයුරු සාක්ෂි සහිතව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මාධ්‍ය හමුවේ හෙළිකළේ මේ අයුරින්…

Related posts

Leave a Comment