නාසා ආයතනය සදහන් කරන පරිදි අඟහරු ග්‍රහයා මතින් ඔක්සිජන් සොයාගෙන ඇත. රතු ග්‍රහයාගේ බහුල වශයෙන් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වායුව ය. කෙසේ නමුත් නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැවූ පර්සවරන්ස් රෝවර යානාව මගින් ගෙනගිය විශේෂ උපකරණයක් භාවිතයෙන් මිනිසාට ආශ්වාස කළහැකි ඔක්සිජන් නිපදවා ඇති බවය. ඔක්සිජන් උත්පාදනය සඳහා මොක්සි නමින් හඳුන්වා ඇති ටෝස්ටරයක් පමණ උපාංගයක් රෝවරය මගින් අඟහරු ග්‍රහයා වෙත ගෙනගොස් තිබුණි. එම උපාංගය යොදාගෙන ඔක්සිජන් ග්‍රෑම් 5ක් පමණ නිපදවා ඇති. එය අභ්‍යවකාශගාමියෙකුට විනාඩි 5කට ප්‍රමාණවත් වේ. ඉදිරි අඟහරුතරඟයකදී එවැනි උපාංගයක් භාවිතයෙන් අභ්‍යවකාශගාමියාට අවශ්‍ය ඔක්සිජන් සපයාගත හැකිවෙතැයි නාසා ආයතනය අනුමාන කරයි. එය ගෑස් ග්‍රෑම් 5 ක් නිපදවා ඇති අතර අඟහරුගේ ගඟනගාමියෙකුට දළ වශයෙන් මිනිත්තු 10 ක් හුස්ම ගැනීමට අවශ්‍ය දේට සමාන වේ යැයි නාසා ආයතනය පවසයි.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.
පළමුවරට රතු ග්‍රහයාගෙන් ඔක්සිජන් ලබා ගනී
