අන්තවාදී දේශනවලට සම්බන්ධ වූ අය TID අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අන්තවාදී දේශනවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් අදාළ දේශන සංවිධාන කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි ඊයේ (22) මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේන බවත් එම සැකකරුවන් වයස අවුරුදු 40, 52ක් හා 55ක් වේ. සැකකරුවන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බවත් ය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment