පාකිස්තානයේ බලුකිස්තාන්හි හෝටලයක බෝම්බ පිපිරීමක්

පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ අගනුවර වන වන ක්වේටාහි සුඛෝපභෝගී හෝටලයක බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 5ක් මිය ගොස් 12 දෙනකු තුවාල ලබා තිබේ. පාකිස්තාන තලේබාන් සංවිධානය සෙරීනා හෝටලයේ රථගාලේ පිපිරීම පිටුපස සිටින බවත්, එය පොලිස් නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් ඉලක්ක කර ගත් බවත් පැවසීය. තලේබාන් ප්‍රකාශකයකු එය විස්තර කළේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් භාවිතා කරමින් එල්ල කළ ප්‍රහාරයක් ලෙසය. මූලික වාර්තා සඳහන් කර තිබුණේ බෝම්බයේ ඉලක්කය චීනයේ තානාපතිවරයා බවයි. තානාපති නොන් රොං ක්වේටාහි සිටින බව සත්‍ය වුවත් බදාදා ප්‍රහාරය සිදු වන අවස්ථාවේ එම හෝටලයට පැමිණ සිටියේ නැත. පාකිස්තාන තලේබාන් සංවිධානය සිය ප්‍රකාශවල චීන තානාපතිවරයා ගැන සඳහන් කර නැත. මෑත මාසවලදී මේ කණ්ඩායම සහ අනෙකුත් සටන්කාමී සංවිධාන ඇෆ්ගනිස්තානයේ දේශ සීමාව අසල ගෝත්‍රික ප්‍රදේශවලට ප්‍රහාර වේගවත් කර තිබේ. ඇෆ්ගනිස්තාන දේශ සීමාව අසල බලුකිස්තාන් පළාත ඉස්ලාමීය අන්තවාදීන් සහ බෙදුම්වාදීන් ඇතුළු සන්නද්ධ කණ්ඩායම් කීපයක් වාසය කරති. බෙදුම්වාදීන්ට අවශ්‍ය වන්නේ සෙසු පාකිස්තානයෙන් නිදහස ලබා ගැනීම සහ ප්‍රදේශයේ ප්‍රධාන චීන යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට විරුද්ධ වීමයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment