පාඨලීව හලපු සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල තනතුරු මෙන්න

සමගි ජනබලවේගයේ 2021 සඳහා වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (25) නම් කෙරිණ.

සමගි ජන බලවේග සාමාජිකත්වය ගත් පාඨලී චම්පික රණවකට ජේෂ්ඨ නියෝජ්‍ය සභාපති ධුරයක් හිමිවන බව ප්‍රකාශ වුවද එවැන්නක් සිදුවූයේ නැත.

පක්ෂයේ නායක, මහලේකම්, සභාපති, ජාතික සංවිධායක, භාණ්ඩාගාරික, ප්‍රධාන විධායක, ජාත්‍යන්තර කටයුතු, පර්යේෂණ හා සංවර්ධන යන තනතුරු 8 සඳහා කළ පත්වීම හැරුණු කොට ඉතිරි පත්වීම් 23 සඳහා තනතුරු දී තිබෙන්නේ අපූරු ආකාරයකටය.

ඒ ජේෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූර 6ක්, උප සභාපති ධුර 8ක්, නියෝජ්‍ය ලේකම් ධූර 4ක්, නියෝජ්‍ය ජාතික සංවිධායක ධූර 3ක්, නීති ලේකම් ධූර 2ක් වශයෙනි.

Related posts

Leave a Comment