රංජිත් සියඹලාපිටියට පාර්ලිමේන්තු සිද්ධිය සම්බන්ධ කමිටු සභාපතීත්වය

අප්‍රේල් මස 21 වන දින  පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට  නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කර ඇත. ඉදිරියේදී මෙවැනි සිද්ධීන් ඇති නොවීමට  ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමද එම කමිටුවට පැවරී ඇත  කථානායක මහින්ද යාපා අබේඅවර්ධන මහතා විසින් පත් කර ඇති මෙම  කමිටුවට අනෙකුත් සාමාජිකයන් ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බාකීර් මාකර් ,පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පත් කර ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment