ත්‍රිකුණාමලයේ පාසලක් වැසේ

ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ එම පාසලේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙනි.

පාසල මෙලෙස වසාදැමීමට හේතුවී ඇත්තේ අදාළ ගුරුවරියට දෙදිනකට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබියදී ඊයේ දිනයේදීත් පාසලට පැමිණ තිබීම හේතුවෙනි.

මේ අතර හලාවත කෙසෙල්වත්ත පොලිස් ස්ථානය අද උදෑසන තාවකාලිකව වසා දැමුණි.

ඒ එහි පොලිස් පරීක්ෂකවරයෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

Related posts

Leave a Comment