පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ කම්කරුවෙකුට කොවිඩ්

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී තහවුරු වී තිබේන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වන ශ්‍රී ලංකා බංගලදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා යොදවා ගෙන සිටි ක්‍රීඩා පිටි කම්කරුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. වර්ෂාව අවස්ථාවලදී සහ තරගයෙන් පසු ක්‍රීඩා පිටියේ විකට්ටුව වැසීම සඳහා කවර ඇදීමට යොදා ගන්නා තාවකාලික කම්කරුවන් පිරිසක් අතරින් එම රෝගියා හමුවී ඇති බව ක්‍රිකට් ආයතනයේ නිලධාරියකුගෙන් කරන ලද විමසීමකදී ඒ බව තහවුරු කළේය. කෙසේ නමුත් ඉන් අනතුරුව ඔහු සමඟ සිටි ආශ්‍රිතයින් එකොළොස් දෙනෙකු එම සේවයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඊයේ (23) දිනයේ ක්‍රීඩා පිටියේ සුළු සේවකයන් ඇතුළු පිරිසට පි .සි . ආර් . පරීක්ෂණ සිදු කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුනු බව වාර්තාවෙයි.

Related posts

Leave a Comment