විටමින් ඊ භාවිතයෙන් අපගේ හිසකෙස් වලට ලැබෙන ප්‍රයෝජන 5 ක්.

විටමින් ඊ කියල කියන්නේ  ප්‍රතිඔක්සිකාරක ගුණ අන්තර්ගත දෙයක්. මේ නිසාම තමා මේ විටමින් මෙතරම් ප්‍රචලිත වෙලත් තියෙන්නේ. රූපලාවන්‍ය නිෂ්පාදන බොහෝමයක් සදහාත් මෙම විටමින් ඊ යොදාගැනීම සිදු කරනවා. විටමින් ඊ 1950 සිට චර්ම රෝග විද්‍යාවේ භාවිතා කරල තියෙනවා විවිධ දේවල් සදහා. වයසට යාම, දැවිල්ල හා හිරු එළියෙන් වන හානිවලින් සම ආරක්ෂා කර ගැනීම වැනි දේවල් සදහා මෙම විටමින් ඊ හොදම ක්‍රමයක්. මේද-ද්‍රාව්‍ය ප්‍රතිඔක්සිකාරකය ඉතා වැදගත් වෙනවා නිරෝගී සමක් සහ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීම සඳහා. අද අපි ඔබට අරගෙන ආවේ විටමින් ඊ නිසා ඔබේ හිසකෙස් වලට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක්. 

01. හිසකෙස් ගැලවී යාම වළක්වයි.

විටමින් ඊ අතිරේකය මගින් හිසකෙස් හැලීයාම වැඩි අයගේ හිසකෙස් වර්ධනය වැඩි දියුණු කරන බව 2010 විශ්වාසනීය මූලාශ්‍රයෙන් කරන ලද කුඩා පරීක්ෂණයකින් හෙලි වුනේය. හිස්කබලේ ඇති ඔක්සිකාරක ආතතිය අඩු කිරීමට  විටමින් ඊ වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණාංග වලට හැකියාවක් ඇත. හිසකෙස් නැතිවීම සමඟ සම්බන්ධ වෙන දෙයක් තමා ඔක්සිකාරක ආතතිය. 

02. හිස්කබලේ රුධිර සංසරණය වැඩි දියුණු වේ.

රුධිර ප්‍රවාහ වැඩි කිරීමට විටමින් ඊ වලට හැකියාවක් තිබෙනවා. මේ නිසා හිසකෙස් වල සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට මෙය සහාය වෙනවා.  විටමින් ඊ අධික මාත්‍රාවකින් පළමු වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ පවා ඇස්වලට ලැබෙන රුධිර ප්‍රවාහය වැඩි වන බව 1999 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. 

03. සමේ තෙල් නිෂ්පාදනය සමතුලිත කරයි. 

විටමින් ඊ වැදගත් වෙනවා සම මතුපිට ආරක්ෂිත බාධකයක් නිර්මාණය කිරීම සඳහා. තෙතමනය අගුළු දැමීමට මෙම  බාධකය බොහෝ උපකාරී වෙනවා. විටමින් ඊ ඌනතාවයේ සංඥාවක් වෙන්න පුලුවන්  වියළි, කෝපයට පත් සම.  අලිගැට පේර තෙල් වැනි විටමින් E අඩංගු තෙල් හිස්කබල තෙතමනය කිරීමට දක්වන සහයෝගය අතිමහත්. නමුත් විටමින් E මගින් හිස්කබලේ තෙල් නිෂ්පාදනය සමතුලිත කළ හැකිද යන්න නම් පැහැදිලි නෑ.. මේවා උදව් කරනවා  අතිරික්ත තෙල් නිෂ්පාදනය වැළැක්වීම සදහාත්. 

04. හිසකෙස් දිදුලවයි.

හිසකෙස් අඳුරුපෙනුමකින් යුක්ත වී සිනිඳු වීම සිදු වෙන්නේ හිසකෙස් වලට හානි සිදු වූ විට. හිසකෙස් වල දීප්තිය නැති වී යාම සිදු වෙන්නේ කෙස් කළඹේ පිටත ඇති ආරක්ෂිත මේද තට්ටුව ඉවත් වූ විට. මෙම හිසකෙස් කළමනාකරණය කිරීමට හෝ මෝස්තර කිරීමට අපහසු බව තමා  චර්ම රෝග විද්‍යා ඇකඩමිය පවසන්නේ. එම ආරක්ෂිත තට්ටුව ප්‍රතිස්ථාපනය කර නැවත දීප්තිය ගෙන ඒමට උපකාරී වෙනවා මේ විටමින් ඊ. 

05. නිරෝගී හිස්කබලකට දායක වේ.

විටමින් ඊ අත්‍යවශ්‍ය වෙනවා නිරෝගී සමක් පවත්වා ගැනීම සඳහා. ඔබේ හිස්කබල හරිම කැමතී මේ විටමින් ඊ වලට. හිසකෙස්වල ගුණාත්මකභාවය හා බැඳී පවතින දෙයක් තමා හිස්කබලේ සෞඛ්‍යය. ඔක්සිකාරක ආතතිය අඩු කිරීමෙන් සහ ආරක්ෂිත ලිපිඩ තට්ටුව ආරක්ෂා කිරීමෙන් ඔබේ හිසකෙස් වර්ධනය වීමට ශක්තිමත් පදනමක් ලබා දීමට විටමින් ඊ වලට තිබෙන හැකියාව නම් අන්ගිභවනීයයි.

ඔබේ හිසකෙස් සඳහා විටමින් ඊ භාවිතා කරන්නේ කෙසේද?

ඔබට මේ විටමින් ඊ සමබර ආහාර වේලක් හරහා ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අතිශයින් දුර්ලභ ව දකින්න පුළුවන් දෙයක් තමා මේ විටමින් ඊ ඌනතාවය කියල කියන්නේ. මිට හේතුව බොහෝ දෙනෙක් මේ විටමින් ඊ තමන්ගේ ආහාර වේල සමග ලබා ගැනිමයි. ෂැම්පූ, කන්ඩිෂනර්, මාස්ක් හෝ තෙල් සමඟ විටමින් ඊ ද ආලේප කිරීමට ඔබට පුලුවන් ඔබේ කොණ්ඩය විශේෂයෙන් ඉලක්ක කර ගැනීමට ඔබට අවශ්‍ය නම්. 

Related posts

Leave a Comment