ආණ්ඩුව හරීන්ව අත්අඩංගුවට ගන්න හදනවා – සජිත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගැනීමට යන බවට ආරංචි වී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අනුව එසේ කළ නොහැකි බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ත්‍රස්තවාදි පනත යටතේ කළ යුතු වන්නේ ප්‍රහාරයේ මොළකරු ඇල්ලීම බවත් වරප්‍රසාද පනතේත් සඳහන් වන පරිදි භාෂණයේ නිදහස තිබිය යුතු බවත් හෙතෙම කීවේය.

හරීන් ප්‍රනාන්දු මහතා යම් තොරතුරක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ පමණින් අත්අඩංගුවට ගන්නේ කොහොම දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

Related posts

Leave a Comment